Wednesday, July 27, 2011

.


ශ්‍රී ලංකා හොකී තරුණයෝ අපරාජිතව පෙරට

හොංකොං හී ක්‍රියාත්මක තෙවන ආසියාතික හොකී සංගම් කුසලාන කණිෂ්ඨ පිරිමි හොකී සූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් හත අතරෙන් ප්‍රථම කණ්ඩායම් හතර අතරට ඒමේ අවස්ථාව දිනා ගත්තා.ර්‍හී ලංකාව තරගාවලියේ බී කොටසෙන් තරග වැදුණු අතර ශවුන් එම කොටසේ දී අපරාජිතව සිටින්නට සමත් වෙමින් එම කොටසේ දෙවන ස්ථානය දිනා ගත්තා.

ශ්‍රී ලංකාව මෙම කොටසේ දී ඉරානය සහ චීන තායිපේ කන්ඩායම් අතර පැවති තරග ජය පරාජයෙන් තොරව නිම කර ගත්තට සමත් වූ අතර සත්කාරක හොංකොං කණ්ඩායම 1-0 ලෙස පරාජයට පත් කළා.ඉරානය චීන තායිපේ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම් පරාජය කරමින් ශ්‍රී ලංකාව සහබාගි වූ බී කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පැමිණියා.

මේ අනුව ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ ප්‍රථම ස්ථාන හතර අතර රැදෙන්නට බාධාවකින් තොරව අවස්ථාව හිමි වන අතර ඒ කාණ්ඩයට අයත් චීනය,සිංගප්පූරුව සහ ඕමානය අතරින් අද පැවත්වෙන චීනය සහ ඕමාන් අතර තරගයේ තීරණය අනුව ඒ කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත්වන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව ජූලි 30 දා තරග බිමට පිවිසෙනවා.එහි ප්‍රතිපලය අනුව ජූලි 31 දා ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සූරතා කුසලානය සදහා හෝ තෙවන හෝ සිව්වන ස්ථානය සදහා තරග බිමට පිවිසීමට නියමිතයි.

Thu, Jul 28, 2011 at 6:13 AM


No comments:

Post a Comment